ඕනෑම අවස්ථාවක තමන් විශ්‍රාම යෑමට සුදානමින් පසුවන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
අද (20) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඒ බව සඳහන් කළේය.
“අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න උසස් නිලධාරීනුත් කටහඩේ බලයට පරිපාලනය කරනවා. දෙතුන් සීයක් එකතුවෙලා කිව්වොත් මෙයාව එළවන්න කියලා එළවනවා.
ඉතින් ඒ තත්ත්වයෙන් තමයි තීන්දු තීරණ ගන්නේ. හැබැයි මම නම් විශ්‍රාම යන්නත් ලෑස්ති. මේ රාජ්‍ය සේවයේ සිටීමේ හරයක් නැහැ.”