රංගිරි දඹුලු ක්‍රීඩාංගණය සීගිරියට වඩා විශිෂ්ටයි..! ලෝක‍ෙම කතා කරන්නේ දඹුල්ලේ ලයිට් ගැන..!

February 18, 2024 at 6:39 pm | by emanisa.lk

නවීන ආලෝක පද්ධතියත් සමග එළිය වූ රංගිරි දඹුලු ක්‍රීඩාංගණය ඉතා ම අලංකාර බව ක්‍රිකට් විස්තර විචාරක බන්දුල සමන් වතුරේගම පවසයි.

ඒ පිළිබඳ ජනාධිපතිතුමාට, ක්‍රීඩා අමාත්‍යතුමාට සහ ක්‍රිකට් ක්‍රීඩා බලධාරීන්ට ස්තූතිවන්ත වන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

එදා සීගිරියේ ආශ්චර්ය ගැන කතා කළ අද රංගිරි දඹුලු ක්‍රීඩාංගණය ගැන කතා කරන බව ද බන්දුල සමන් වතුරේගම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

පසුගියදා එම ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරඟයේ විස්තර විචාරයෙහි යෙදන අතර හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *