ලංවිම විදුලි ජනන වියදම් ගණනය බොරුවක්..! විදුලි බිල 35%කින් අඩු කරන්න පුළුවන්…! – ජනක රත්නායක…

February 16, 2024 at 7:42 pm | by emanisa.lk

2023 වසරේ ලංකා විදුලි බල මණ්ඩලය බිලියන 48ක ශුද්ධ ලාභයක් උපයා ඇතැයි මහජන උපයෝගීතා කොමිසම් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක පවසයි.

මෙම වසරේ ජනවාරී මාසයේ පමණක් රු. බිලියන 20ක ලාභයක් විදුලි බල මණ්ඩලය වාර්තා කර ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

විදුලිබල පනත සහ මහජන උපයෝගීතා පනත අනුව විදුලි බල මණ්ඩලයට පාරිභෝගික ජනතාවගෙන් අයකරගත හැක්කේ විදුලි පිරිවැය පමණක් බව හිටපු සභාපතිවරයා පෙන්වා දෙයි.

විදුලිබල මණ්ඩලය ගිය වසරේ ලංකා බැංකුවට සහ මහජන බැංකුවට බිලියන 110ක පොළියක් ගෙවා ඇතැයි ද අනිසි වියදම්, ක්ෂවීම් සහ ලාභය බිලියන 150 ඉක්මවා ඇති බව ද ජනක රත්නායක ප්‍රකාශ කරයි.

විදුලි ජනන වියදම වැඩි කොට පෙන්වා බිලියන 100ක් පමණ සඟවා ඇතැයි ද එහෙයින් නිවැරදිව ගණනය කළහොත් විදුලි බිල 35%කින් පමණ අඩු විය යුතු බව ද ජනක රත්නායක අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *