කටුනායක, මත්තල සහ රත්මලාන ගුවන්තොටුපළ පරිපාලනය ඉන්දියානු සමාගමක් වෙත ලබා දෙන බව සංචාරක, ඉඩම් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
මෙරට සූර්ය බල ව්‍යාපෘති සහ තෙල් ටැංකි ද ඉන්දියානු සමාගම් මගින් ලබා ගෙන ඇති බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ.
ඉන්දියානු විදේශ කටයුතු ලේකම්වරයා සිය රට වැසියන්ට සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගන්නා ලෙස දැනුම් දුන්නේ ඒ නිසා බව ද ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බව ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.
ඉන්දියානු සමුළුවක් අමතමින් හෙතෙම මේ බව කීය.