A/L උත්තර පත්‍ර පරික්ෂකයෙකුට රු. 80000ක දීමනාවක්…!

February 8, 2024 at 4:45 pm | by emanisa.lk

අ.පො.ස. උසස් පෙළ විභාග උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරයෙකු ඒ සඳහා රු. අසූ දහසකට අධික දීමනාවක් ලබන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා සහභාගී වන ඉහළ නිලධාරියෙකු රු. ලක්ෂය ඉක්මවූ දීමනාවක් ලබන බව ද සඳහන් කරයි.

දිනපතා පැමිණීමේ දීමනාව රු. 2000ක් ද සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයකට රු. 250ක් ද විද්‍යා ප්‍රශ්න පත්‍රයකට රු. 300ක් ද කිලෝ මීටර 80කට වැඩි දුරක සිට පැමිණෙන පරික්ෂකවරයෙකුට නවාතැන් ගාස්තු ලෙස දිනකට රු. 2900ක් ද ගෙවන බව විභාග කොමසාරිස් ලසික සමරකෝන් කියයි.

එම කාර්ය මණ්ඩලය සඳහා පසුගිය වසරේ ගෙවන ලද දීමනා ඒ ආකාරයෙන් ම මෙවර ද ගෙවන බව හෙතෙම වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *