විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සහ ගුරුවරුන්ට උසස් පෙළ සිසුන්ගේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුත්ත කළ නොහැකි නම් ඊට වෛද්‍යවරුන්ට ආරාධනා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.
අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
උත්තර පත්‍ර පරික්ෂාව කිසි ලෙසකින්වත් වාණිජකරණය කළ යුතු නැති ගරු කටයුත්තක් බවට පත්කළ යුතු යැයි ද වෛද්‍ය බෙල්ලන සඳහන් කළේය.
විශ්විද්‍යාල ඇදුරන් දැන් සිදුකරන්නේ ආණ්ඩු මාරු කිරීමේ ව්‍යාපෘති වැන්නක් ද යැයි ද හෙතෙම චෝදනා කළේය.
උත්තර පත්‍ර අධීක්ෂණයට පැමිණීමට නම් ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කළ යුතුය යන FUTA කොන්දේසිය බහුබූතයක් බව ද වෛද්‍ය බෙල්ලන කියා සිටියේය.