කොඩිය ඔසවා මුහුදට වෙඩි තිබ්බ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආර්ථිකය පිළිබඳ තීන්දුවක් ගැනීමේ හැකියාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
රනිල් වික්‍රමසිංහ මේ වන විටත් රට පාවා දී ඇති බවත් නිදහස නැති කළ රටක තමන් ජීවත් වන බවත් හෙතෙම සඳහන් කරයි.
එහෙයින් මුහුදට වෙඩි තබා මුදල් නාස්ති නොකරන ලෙසත් නිකරුනේ මාලු බියට පත්වන බවත් ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි.
පොළොන්නරුව දිස්ත්‍රික් කාන්තා සමුළුවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.