අමාත්‍ය මනූෂ නානායක්කාර පසුගියදා අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබේ.
එහි දී ජනහමු කිහිපයකට ද සිය සහෝදර මන්ත්‍රීවරුන් සමග එකතු විය.
කෙසේ වුව ද එහි දී ඇමැතිවරයා පෞද්ගලිකව පුදපූජා රාශියක් සිදුකර ඇතැයි වාර්තා වෙයි.
අනුරාධපුර රුවන්වැලි සෑ මළුවෙහි රාත්‍රියක් ගත කරමින් පූජාවක් ද පවත්වා ඇති අතර සිය ඉදිරි දේශපාලන කටයුතු සහ ජනාධිපතිවරයාට සෙත් පැතීම එම පූජාවෙහි අරමුණ බව ද දැනගන්නට තිබේ.