මෙතෙක් දෙමළ ජනතාවට ලබා ගැනීමට නොහැකි වූ ජාතික විමුක්තිය ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාවේ සහයෙන් ලබා ගැනීම තම අරමුණ බව ඉලංගෙල් තමිල් අරසු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් සඳහන් කරයි.
උතුර හා නැගෙනහිර පළාත්වල ජනතාවට නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් සැකසීමට නම් ස්වයං පාලන දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ද හෙතෙම කියා සිටී.
ඒ සඳහා පලාත් දෙකේම දේශපාලන පක්ෂ එක්සත්ව සටන් කිරීමට තමන් ආරාධනා කරන බව ද හෙතෙම පැවසීය.
වසර තිහක කාලයක් යුද්ධයෙන් බැටකෑ තම පළාත්වල ජනතාවට සංවර්ධනයෙන් පමණක් පළක් නැතැයි ද පවසන ඔහු දේශපාලන විසඳුමක් සඳහා සිය සටන අඛණ්ඩව ගෙන යන බව ද කියා සිටියේය.