සනත් කියන්නේ බය නාඳුනන මිනිහෙක්..! මහින්ද අතෑරලා මම ගියත් සනත් ගියේ නෑ…! – වෙල්ගම..

January 27, 2024 at 3:54 pm | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඕනෑ ම අභියෝගයකට එඩිතරව මුහුණ දුන් බිය යනු කුමක් දැයි නාඳුනන චරිතයක් බව කුමාර වෙල්ගම පවසයි.

සෙසු මිනිසුන් තුළ මෙන්ම ඔහු තුළ යම් යම් අඩුපාඩු තිබූ බව ද තමන් තුළ ද යම් යම් අඩුපාඩු ඇතැයි ද හෙතෙම කීය.

ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන විට තමන් පවා මහින්ද රාජපක්ෂ අතහැර ගිය ද සනත් නිශාන්ත දිගට ම පුතෙකු මෙන් මහින්ද සමග රැඳුණු බවයි, කුමාර වෙල්ගම ප්‍රකාශ කළේ.

ඔහුගේ අභාවය පුත්තල දිස්ත්‍රික්කයේ ජනතාවටත් මහින්ද රාජපක්ෂ නියෝජනය කරන දේශපාලන දහරාවටත් විශාල පාඩුවක් බව ද හෙතෙම කීය.

අභාවප්‍රාප්ත සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ කුමාර වෙල්ගම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *