රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඕනෑ ම අභියෝගයකට එඩිතරව මුහුණ දුන් බිය යනු කුමක් දැයි නාඳුනන චරිතයක් බව කුමාර වෙල්ගම පවසයි.
සෙසු මිනිසුන් තුළ මෙන්ම ඔහු තුළ යම් යම් අඩුපාඩු තිබූ බව ද තමන් තුළ ද යම් යම් අඩුපාඩු ඇතැයි ද හෙතෙම කීය.
ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන විට තමන් පවා මහින්ද රාජපක්ෂ අතහැර ගිය ද සනත් නිශාන්ත දිගට ම පුතෙකු මෙන් මහින්ද සමග රැඳුණු බවයි, කුමාර වෙල්ගම ප්‍රකාශ කළේ.
ඔහුගේ අභාවය පුත්තල දිස්ත්‍රික්කයේ ජනතාවටත් මහින්ද රාජපක්ෂ නියෝජනය කරන දේශපාලන දහරාවටත් විශාල පාඩුවක් බව ද හෙතෙම කීය.
අභාවප්‍රාප්ත සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ කුමාර වෙල්ගම මේ බව සඳහන් කළේය.