අධිවේගී මාර්ගයේ දී වූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය ආරච්චකට්ටුව පිහිටි ඔහුගේ නිවස වෙත ඊයේ (26) පෙරවරුවේ ගෙන ගියේය.
එහිදී රාජ්‍ය ඇමැතිවරයාගේ දේහය තැන්පත් කරන ලද්දේ ඔහුගේ නිවස තිබූ තැන තාවකාලිකව ඉදිකරන ලද විශාල ප්‍රමාණයේ කූඩාරමක් තුළයි.
පසුගිය වසරේ අරගල සමයේදී අරගලකරුවන් විසින් සනත් නිශාන්තගේ නිවස ගිනි තැබීම හේතුවෙන් අවසන් කටයුතු සඳහා තාවකාලික කූඩාරමක් ඉදිකර තිබිණි.
දේහය ඔහුගේ ගමට රැගෙන එන විට ජනතාව මල් ඉසිමින් හඬා වැළපෙමින් දේහයට බුහුමන් දැක්වූ අතර සිය නායකයාට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් නිවසට පැමිණෙමින් සිටිති.