රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මුහුණ දුන් මාරාන්තික රිය අනතුර පිළිබඳ විමර්ශන වෙනත් දිශාවකට යොමුව ඇතැයි වාර්තා වෙයි.
ඒ ඔහුගේ රියදුරු ලෙස සේවය කරන ප්‍රභාත් එරංග සිය වට්ස්ඇප් ගිණුමේ පළ කර ඇති සටහනක් නිසාවෙනි.
රිය අනතුර සිදු වූ දින දහවල් කාලයේ ඔහු සිය ගිණුමෙහි “හෙට වෙනකොට මගේ නමට යටින් ලස්සන ෆොටෝ එකක් වැටිලා නමට උඩින් අමා මහ නිවන් සුව කියලා තිබුණොත් උඹලට හිතෙන දේ කියන් යමන්. මම ආසයි මැරෙන්න කලින් ඒ ටික කියවන්න.” යනුවෙන් සටහන් කොට තිබිණි.
ඒ පිළිබඳ මේ වන විට විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමුව තිබේ.