රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්නේ ත්‍රස්තවාදීන් වගේ…! – රවී…

January 26, 2024 at 6:08 pm | by emanisa.lk

රටේ ජනාධිපතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය ගන්නා තීන්දු තීරණ රාජ්‍ය නිලධාරි විසින් ක්‍රියාතමක නොකර රට අර්බුදයකට තල්ලු කර ජනතාව අපහසුතාවට සහ අසහනයට පත් කිරීමෙන් පැහැදිලි වන්නේ, ඔවුන්ගේ ත්‍රස්තවාදය බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අමාත්‍ය රවී කරුණානායක චෝදනා කරයි.

“මේ රටේ රාජ්‍ය නිලධාරීන් ලක්ෂ 17ක් සිටිනවා. ඒ තරම් විශාල රාජ්‍ය සේවයක් රටකට අවශ්‍ය ද? මේ රටේ සියලු දෙනාට විශාල බදු මුදලක් ගෙවීමට සිදුව තිබෙන්නේ මේ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප්, දීමනා, වරප්‍රසාද සහ පහසුකම් වෙනුවෙනුයි. රාජ්‍ය සේවයේ යම් පිරිසක් අනිවාර්යෙන්ම වැඩ කරනවා. ඇත්ත, එත් බහුතරයක් ඒ වැටුප්, දීමනා, වරප්‍රසාද සහ පහසුකම් ලබා ගෙන වැඩක් නොකර පාඩුවේ ඉන්නවා.

රජයේ නිලධාරීන්ට වගකීමක් තිබෙනවා. නමුත් ඔවුන් එම වගකීම් ඉටු කරනවා ද? උදාහරණයක් ලෙස බුද්ධිගලනය නතර කිරීම සඳහා වෛද්‍යවරුන්ගේ සහ විශ්ව විද්‍යාල ප්‍රජාවගේ වැටුප් සහ දීමනා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කැබිනට් මණ්ඩලය ඉතාම දූරදර්ශී තීන්දුවක් ගත්තා. නමුත් රජයේ නිලධාරීන් එම තීරණය ක්‍රියාත්මක නොකර කකුලෙන් අදිමින් සිටිනවා.

ඇත්ත වශයෙන්ම රජයේ නිලධාරීන්ගේ මේ අත්තනෝමතික ක්‍රියාකලාපය රට හා ජනතාව හමුවේ හෙළිදරව් කළ යුතුයි. රටේ ජනාධිපතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තාම ඊට එරෙහිව හෝ ඊට ඉහළින් හෝ එම තීන්දුව නොතකා හෝ ක්‍රියා කිරීමට රජයේ නිලධාරීන්ට පුළුවන්. මේ තත්ත්වයෙන් පැහැදිලි වන්නේ රජයේ නිලධාරීන්ගේ ත්‍රස්තවාදයයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස