මේ රට භාර ගැනීමට ඉතිරිව සිටින එකම කණ්ඩායම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ කණ්ඩායම බවත් අනෙක් දෙපාර්ශ්වයම පාලනය ගෙන ගිය ආකාරය ජනතාව දුටු බවත් මල්වතු මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ පැවැසූහ.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හා එහි විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත පසුගියදා මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවැසූහ.
එහිදී මල්වතු මහ නාහිමියන් ප්‍රකාශ කළේ “ඔබලා පාලන බලය ගන්න උනන්දු වෙලා බලන්න, මේ අවස්ථාව ගිලිහිලා ගියොත් ආයේ අවස්ථාවක් එයි කියලා හිතන්න බැහැ.” යනුවෙනි.