අපි බඩු මිල උපරිම අඩු කළා..! තවත් නම් අඩු කරන්න බෑ…! – සාගල….

January 24, 2024 at 10:05 am | by emanisa.lk

දැනට පවතින භාණ්ඩ මිල තව දුරටත් අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක පවසයි.

රුපියල ශක්තිමත් වීම ඉතා හෙමින් සිදුවන බැවින් දැන් සිදුකළ යුත්තේ ජනතාවගේ ආදායම වැඩි කිරීම සඳහා පියවර ගැනීම බවයි, ඔහු සඳහන් කළේ.

“අපිට බඩු මිල ගේන්න පුළුවන් අඩුම තැනට ඇවිත් තියෙන්නේ. සමහර දේවල් අඩු වැඩි වෙනවා එළවළු වගේ දේවල්. නමුත් විදේශ විනිමය සම්බන්ධයෙන් ගේන්න පුළුවන් අඩුම තැනට බඩු මිල ඇවිත් තියෙන්නේ. මොකද රුපියල මීට වඩා ශක්තිමත් වෙන්නේ බොහෝම හෙමින්.

අපිට කරන්නේ තියෙන්නේ ආදායම වැඩිකරන එක. නැත්නම් මේ තුන් ගුණයකින් වැඩි වුණ බඩු මිලට ගැලපෙන ආදායම අපි ඇති කළ යුතුයි. රාජ්‍ය සේවකයින්ට රු 10,000කින් ආදායම වැඩිවෙනවා මේ අවුරුද්දේ.

ඒ වුණාට ඒ වැඩිවුණ බඩු මිල එක්ක මේක ගෑවෙන්නවත් මදි. නමුත් රජයට මේ අවුරුද්දේ දරාගන්න පුළුවන් ප්‍රමාණය තමා මේ දුන්නේ. ඉදිරි අභියෝගය තමා ආදායම වැඩිකර ගැනීම.”

රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවළ හේතුවෙන් ආර්ථිකය ක්‍රමානුකුලව ශක්තිමත් වෙමින් පවතින බව සාගල රත්නායක මහතා වැඩි දුරටත් පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *