ඝාතනය කළ සමන් පෙරේරාට උසාවියේ පෙනී සිටින්නැයි සිතාසි…!

January 23, 2024 at 10:24 am | by emanisa.lk

අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරාගේ ඝාතනය සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමෙන් වළකින බව එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කරන ලදැයි කියන සිද්ධියකට අදාළ නඩුවක් ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරාට ලබන ජුනි 4 වැනිදා පෙනී සිටින ලෙස දන්වමින් මහෙස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කළේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී ඊ​යේ උදෑසන 8.30ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු 5 දෙනකු ඝාතනයට ලක් වී තිබිණි.

නමුත් සමන් පෙරේරා නමැති අය මියගිය බව අධිකරණය වෙත කරුණු වාර්තා වී නොතිබිණි. ඒ අනුව සැකකරුට සිතාසි නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකාර සමන් පෙරේරාට එරෙහිව මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *