ජනතාවට අත්‍යවශ්‍ය සිල්ලර බඩු මිල වසරක කාලයක් තුළ සියයට හතළිස් හයකින් (46%) පමණ ඉහළ ගොස් ඇතැයි සමීක්ෂණයකදී හෙළිදරව් වී තිබේ.
මෙම සමීක්ෂණය පවත්වා ඇත්තේ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවය විසිනි. එළවළු තුනක්, සහල් වර්ග දෙකක්, සීනි සහ මාළු වර්ග හා පළතුරු වර්ග දෙකක් ඇතුළත් බඩු මල්ලක මිල මෙසේ ඉහළ ගොස් ඇතැයි එම වාර්තාව වැඩි දුරටත් කියයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා සහ විවෘත වෙළෙඳපොළේ දෛනික සිල්ලර මිල පදනම් කරගෙන අදාළ සමීක්ෂණ වාර්තාව සකස් කර තිබේ.
2023 ජනවාරි මස එම භාණ්ඩ ඇතුළත් බඩු මල්ලක මිල රු. 7176/- ක් වන අතර එම බඩු මල්ලම 2024 ජනවාරි මාසයේ දී රු. 10454/- ක් දක්වා රුපියල් 3278/- කින් ඉහළ ගොස් ඇත.