ශ්‍රී ලංතා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ධම්මික පෙරේරාට ලබා දීමට කිසිදු තීන්දුවක් ගෙන නැතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
පක්ෂයේ ක්‍රීයාකාරී සාමාජිකයෙකු ලෙස තමන් දන්නා පරිදි එවැනි සාකච්ඡාවක් හෝ පවත්වා නැතැයි හෙතෙම අවධාරණය කරයි.
අත්දැකීම් නොමැති ජනාධිපතිවරයෙකු පත් කරගෙන නැවත රට අනතුරේ හෙළිය නොහැකි බව ද අමාත්‍යවරයා කීය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ ආර්ථික අර්බුදය විසඳා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවත වරක් අවස්ථාව ලබාදිය යුතු බවය.
මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.