රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාගේ කාලය තව මාස කිහිපයකින් අවසන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා පවසයි.
ඊට පසු ජනතාවට ඇත්තේ සමගි ජන බලවේගයද ජනතා විමුක්ති පෙරමුණ ද යන විකල්ප දෙක බවයි, ඔහු ප්රකාශ කළේ.
එහි දී ජනතාවට යථාර්ථවාදීව කල්පනා කොට මේ අර්බුදයෙන් රට ගොඩගත හැකි පිරිස තීරණය කළ යුතු බව ද හර්ෂ ද සිල්වා සඳහන් කරයි.