ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් ගොනු කරමින් එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.
එම පනත් කෙටුම් පොතේ අන්තර්ගත විධිවිධානවලින් යුද හමුදාව පොලීසිය සහ වෙරළාරක්ෂක බලකායට ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ බලය ලබාදී තිබෙන බව පෙත්සමේ චෝදනා කර තිබේ.
එම වගන්ති හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීම නිදහස ඇතුළු මූලික අයිතීන් උල්ලංඝනය වන බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.
එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.