දිවයින පුරා රජයේ රෝහල්වල සුළු සේවක වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාළ වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් යෙදවීමට තීරණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේගෙන් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා භට පිරිස් මෙලෙස යොදවනු ලැබ ඇත.
ඒ අනුව, බටහිර සහ මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කළුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය සහ කුරුණෑගල ශික්ෂණ රෝහල්, මාතර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ගම්පොළ, මීරිගම යන රෝහල්වල දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදා භට පිරිස් මෙලෙස යොදවා තිබේ.
මේ වන විට එම රෝහල්වල අවශ්‍යතා අනුව යුද්ධ හමුදාවේ 500කට ආසන්න භට පිරිස් ප්‍රමාණයක් යොදවා ඇති අතර හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ඒ සඳහා අවශ්‍ය භට පිරිස් සූදානම් කරන ලෙස ත් වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහ ජනතාවට සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු ම පියවර ගන්නා ලෙසත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.