ඇතැම් තෝරාගත් ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීමෙන් යුක්තිය මෙහෙයුමෙහි අව්‍යාජභාවය පිළිබඳ ප්‍රශ්නයක් මතුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමට ඇතැම් දේශපාලනඥයන් සම්බන්ධ බවත් දෙමටගොඩ ප්‍රදේශයේ ද එවැනි දේශපාලනඥයන් සිටින බවත් ඇය පෙන්වා දෙයි.
ඇතැම් පාතාළ නායකයින් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සුබ පතමින් බිල්බෝඩ් සවි කර ඇතැයි ද එම ප්‍රදේශවල යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක නොවන බවට ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කරයි.