යුක්තිය නිසා මත්කුඩු හිඟයක්…! කුඩ්ඩෝ අලුත් විකල්පවලට..!

January 6, 2024 at 1:20 pm | by emanisa.lk

සීදුව හා මිනුවන්ගෙඩ ‍පොලිස් වසම්වල මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයන් සඳහා වෛද්‍ය නිර්දේශයකින් තොරව අධික මිල ගණන්වලට මත් කරල් විකිණූ ඖෂධ වෙළඳසැල් කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ.

යුක්තිය මෙහෙයුම හේතුවෙන් පවතින මත්ද්‍රව්‍ය හිඟය නිසා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් අධික මිල ගණන්වලට මෙම ස්ථානවලින් මත්කරල් මිලදී ගන්නා බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

මේ අනුව මෙම වැටලීමෙන් මිනුවන්ගෙඩ නගරයේ පිහිටි කොරියන් ෆාමසිහි මත්කරල් 1600ක් සමග එහි කළමනාකාරිනිය ද, සීදුව ලියනගේ මුල්ල ප්‍රදේශයේ ඖෂධ වෙළඳසැල් දෙකක මත්කරල් 850ක් සහ එහි කළමනාකරුවන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *