රටේ ජනතාවගෙන් සියයට හැත්තෑවකට පමණ ජීවත්වීම සඳහා අද විශාල අරගලයක් කිරීමට සිදුවී ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසයි.
බොරැල්ලේ සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ පැවැති දේව මෙහෙයක දී එතුමා මේ බව ප්‍රකාශ කළේය.
උදාවූ 2024 නව වසර වෙනුවෙන් පැවැති මෙම විශේෂ දේව මෙහෙයේදී කාදිනල්තුමා සඳහන් කළේ නව වසරේ මේ රටේ ජනතාවට මුහුණ දීමට සිදුවී ඇත්තේ ඉතාමත් දුෂ්කර කාලසීමාවකට බවය.
බදු පැනවීම නිසා බඩු මිල ඇතුළු අනිකුත් අත්‍යවශ්‍ය සේවාවන් මිල වැඩිවී තිබෙන බව ද කාදිනල්තුමා කීය.