රට බංකොලොත් පතුළෙන් හිස ඔසවයි..! නිල සංචිත ඩොලර් බිලියන 4.4 දක්වා ඉහළට…!

January 5, 2024 at 6:19 pm | by emanisa.lk

2023 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල 23.2% ක වැඩිවීමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව 2023 නොවැම්බර් මාසයේදී ඩොලර් බිලියන 3.57ක් ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2023 දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 4.4 දක්වා වැඩි වී තිබේ.

චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය පහසුකම ද මෙයට ඇතුළත් අතර එය භාවිත කිරීම යම් යම් කොන්දේසිවලට යටත් සිදුවන බව ද එම නිවේදනයෙහි දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *