ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවලට බාධා කරන හෝ එහි කළමනාකාරීත්වය නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
එසේම එම සේවකයින්ට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වයට උපදෙස් දුන් බවයි, ඇමැතිවරයා සඳහන් කළේ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් විදුලි බිල අඩුකිරීමේ යෝජනාව ද ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍ය කාංචන විජේසේකර කීය.