රනිල් ජනාධිපති වෙලා කළ එකම දේ ණය නොගෙවා අසීමාන්තිකව බදු ගැසීමයි…! – නාලක ගොඩහේවා..

January 2, 2024 at 6:18 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්ව රට ගොඩගත්තේ යැයි ඇතැමුන් පැවසුව ද සිදුකොට ඇති එකම දෙය ණය නොගෙවා අසීමාන්තික ලෙස බදු ගැසීම පමණක් යැයි හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා පවසයි.

කාලයක් තිස්සේ වර්ධනය වූ ආර්ථික අර්බුදය ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පුපුරා ගිය බව ප්‍රකාශ කළ නාලක ගොඩහේවා, 2022 වසරේ ඩොලර් බිලියන 6.9ක් ද අනතුරුව බිලියන 5 බැගින් වාර්ෂිකව ද ගෙවීමට තිබූ බව ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ සිදුකොට ඇත්තේ රට බංකොලොත් බව ප්‍රකාශයට පත්කොට එම ණය ගෙවීම නවතා දැමීම බවයි, ඔහු සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ බලයට පත්ව ගත වූ සෑම කාර්තුවක් පාසා ම රටේ ආර්ථිකය සංකෝචනය වෙමින් ඇතැයි ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *