ආන්දෝලනාත්මක හිමාලායා ප්‍රකාශනයට අපි නෑ..! – අමරපුර නිකාය…

December 31, 2023 at 3:58 pm | by emanisa.lk

භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ගෝළීය ද්‍රවිඩ සංසදය සමග එකතු වී එළිදක්වා ඇති හිමාලයා ප්‍රකාශනයට තමන්ගේ සම්බන්ධයක් නැතැයි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව පවසයි.

එම ප්‍රකාශනයට සිය නිකායේ වගකිව යුතු භික්ෂූන් වහන්සේලා කිහිප නමක් අත්සන් කොට ක්‍රියාත්මක කළ යුතු බව පවසා ජනාධිපතිවරයා වෙත යොමු කළ ද ඊට තම නිකායේ එකඟතාවක් හෝ සම්බන්ධයක් නැතැයි අමරපුර මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධීකාරී අම්බලන්ගොඩ සුමේධානන්ද නාහිමිගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එය සිය නිකායේ භික්ෂූන් වහන්සේ කිහිප නමකගේ පෞද්ගලික අදහසක් පමණක් බවයි, එහි වැඩි දුරටත් සඳහන් වන්නේ.

හිමාලයා ප්‍රකාශනය රට බෙදීමේ නවතම ප්‍රයත්නයක් බවට සහ ඊට අත්සන යොදා ඇත්තේ 1987 ඉන්දු ලංකා ගිවිසුමට එකඟ වූ භික්ෂූන් බවට දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *