නීතිවිරෝධී ලෙස මෙරටට චීනයෙන් ගෙන්වන ලද මස් නිෂ්පාදන තොගයක අප්‍රිකානු සූකර උණ වෛරසය පවතින බවට තහවුරු වී ඇතැයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි සභාපති සිසිර පියසිරි සඳහන් කළේ, මෙම මස් තොගය විනාශ කිරීමට පියවර නොගතහොත් ඉදිරියේදී සත්ත්ව පාලන කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවය.