ඉන්ධන සහ ගෑස් සඳහා ජනවාරි පළමු වන දා සිට VAT බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා පවසයි.
ඒ අනුව ඉන්ධන සඳහා සියයට 18ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එමම බද්දෙන් සියයට 7.5ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත්වනු ඇත.
එසේම ගෑස් සඳහා සියයට 18ක VAT බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් ඉන් සියයට 2.5ක වූ වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත්වනු ඇත.
මේ අනුව ගෑස් සහ ඉන්ධන සඳහා VAT බද්ද අය කළ ද එහි මිල 18%කින් ඉහළ නොයනු ඇති බවයි, ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කළේ.