රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය කරමින් ගෝඨාභය රාජපක්ෂ එළවා දැමූයේ බැසිල් රාජපක්ෂ විසින් බව මවුබිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.
බැසිල් රාජපක්ෂ මෙවැන්නක් කළේ තමන් රටේ ජනාධිපතිවරයා වීමේ බලාපොරොත්තුවෙන් බව ද ඔහු අනාවරණය කළේය.
එම කුමන්ත්රණයේ ප්රතිඵලය ලෙස අවසානයේ රනිල් වික්රමසිංහ ජනාධිපති වී පොදු ජන පෙරමුණ සහ ජාතිකවාදී කඳවුර විනාශයට පත්වුණු බවත් හෙතෙම කියා සිටී.
බැසිල් රාජපක්ෂගේ කුමන්ත්රණය හේතුවෙන් අපේක්ෂා භංගත්වයට පත්වූ පොහොට්ටුවේ සාමාජික පිරිසක් අද වන විට තුන් වන ලෝකයෙන් රට යම ලෝකයට රැගෙන යන අනුර දිසානායක ප්රමුඛ ජාතික බණබලවේගය සමග එක්වී සිටින බවත් දිලිත් ජයවීර සඳහන් කරයි.