ආණ්ඩුව ආර්ථිකය හකුළන නිසා තරුණ නායකත්වයට ඉඩක් නෑ..! – සජිත්…

December 28, 2023 at 9:31 am | by emanisa.lk

වැට් බදු ආදී අධික බදු බර පටවා රටේ බහුතර ජනතාව දරිද්‍රතාවට පත් කිරීම නිසා රටේ තරුණ පරපුර නන්නත්තාර වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

මේ හේතුවෙන් බහුතරයක් තරුණයන් මෙරටටත් වඩා නොදියුණු රටවලට පවා රැකියා සොයා යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට රට ගැන, වත්මන් පාලනය ගැන ලොකු බලාපොරොත්තුවක් නැති වීමෙන් උගතුන්, බුද්ධිමතුන්, විශිෂ්ටයන් මෙන්ම තරුණයන් විශාල ප්‍රමාණයක් රට අතහැර ගොස් ඇතැයිද වත්තල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කීවේය.

රට ගොඩනගන නායකයන් බවට තරුණයන් පත් කිරීමට නොහැකි වී ඇත්තේ රජය ආර්ථික වර්ධනයට වඩා ආර්ථික සංකෝචනය කෙරෙහි අවධානය යොමු කිරීම නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ වර්තමානය සහ අනාගතය සුබදායක නොවන බව හැඟි යාමත් රජයට හරිහැටි දැක්මක් නොමැති බවට දැනුන නිසා තරුණ පරපුර ඉච්ඡාභංගත්වයට පත්ව ඇතැයිද විපක්ෂ නායකවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *