දිගට ම විදුලිය දෙන්න නම් බිල වැඩි කරන්න වෙනවා..! – විදුලිබල මණ්ඩලය…

December 27, 2023 at 4:08 pm | by emanisa.lk

පසුගිය 09 වෙනිදා දිවයින පුරා සිදුවු හදිසි විදුලි බිඳවැටීම තමන් අතින් සිදුවු වරදක් බව ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවු හදිසි බිඳවැටීමක් හේතුවෙන් විදුලිය විසන්ධි වූ අතර එය යථා තත්ත්වයට පත් කිරීමට පැය 5කට ආසන්න කාලයක් ගතවීම තම ආයතනයේ ගැටලුකාරී තත්ත්වයක් බව විදුලි බල මණ්ඩලය පිළිගෙන ඇත.

එලෙස හදිසි විදුලි බිඳ වැටීමක් සිදුවු අවස්ථාවක භාවිතයට අතිරේක විදුලි ජනනයක් පවත්වාගෙන යායුතු වුවද පිරිවැය දැරිය නොහැකි නිසා අතිරේක විදුලි ජනනයක් පවත්වාගෙන යාමට නොහැකි බවයි, විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් අතිරේක විදුලි ජනනයක් පවත්වා ගෙන යාම සඳහා පිරිවැය සොයා ගැනීමට නම් එහි බරපැන ද ජනතාවට විඳදරා ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේය.

එම නිසා ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවකට එළඹීමට නියමිත බවද එම කොමිෂන් සභාව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *