ඉදිරි මැතිවරණයේදීත් ආණ්ඩු බලය ලබා ගැනීම තම බලාපොරොත්තුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ආණ්ඩු බලය ගන්නවා මිස විපක්ෂයට යෑමට හෝ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම ලබා ගැනීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ද හිටපු ජනාධිපතිවරයා කීය.
බදු නැති කළ නොහැකි වුව ද ජනතාවට සාධාරණ බදු ක්රමයක් හඳන්වා දීමට කටයුතු කරන බව ප්රකාශ කළ හෙතෙම පාතාළය මර්දනයට කටයුතු කිරීම ආණ්ඩුව කරන හොඳ වැඩක් බව ද සඳහන් කළේය.