බාල ඖෂධ මගඩිය: CIDය කෙහෙළියගේ ගෙදරට…!

December 26, 2023 at 6:00 pm | by emanisa.lk

ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ තොගයක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි  කණ්ඩායමක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ඇමැතිවරයාගේ නිවසට ගොස්  අද (26) දහවල් මෙම ප්‍රකාශය සටහන් කර ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, එම අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම්  අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු පිරිසක්  රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *