කොළඹ නගරයේ අවදානම් සහිත ගස් 700ක ආසන්න සංඛ්‍යාවක් ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි.
නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන සඳහන් කළේ, ඉන් ගස් 200ක් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට හඳුනාගෙන ඇති බවයි.
මේ අතර කොළඹ නගර සංවර්ධන සැලැස්ම යටතේ වසර 50 කට සරිලන ගස් වගා කිරීමට සැලසුම් කර ඇති බව කොමසාරිස්වරිය වැඩි දුරටත් සඳහන් කළා ය.