පාතාල කල්ලි සාමාජිකයෙකු වන දොන් ඉන්දික නොහොත් ‘මන්නා රොෂාන්’ සහ ඔහුගේ ගෝලයෙකු වෙඩි වැදී මියගොස් සිටිය දී අද (25) අලුයම සොයාගෙන තිබේ.
ඔවුන් දෙදෙනා මත්කුඩු ගනුදෙනුවක් සඳහා තුන්නාන ප්රදේශයේ වෙන්දේසි වත්තට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, දැනට ඩුබායිහි සිටින ලලිත් කන්නන්ගර නැමැත්තාගෙන් අදාළ මත්කුඩු ලබාගැනීම සඳහා ඔවුන් එම ප්රදේශයට පැමිණ ඇති බවය.
ලලිත් කන්නන්ගර නැමැත්තාට ඒ සඳහා මුදල් ලබා දී ඇති බවට සැකකරන අතර, ඔහුගේ මෙහෙයවීමෙන් මෙම ඝාතන සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි.