ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ත්රස්තවාදයට විසඳුම් ලෙස රට ෆෙඩරල් කිරීමේ නොර්වේ සාම මෙහෙයුම අසාර්ථක වීමට හේතු සොයා නෝර්වේ රාජ්‍ය පොතක් පලකර ඇතැයි විමල් වීරවංශ පවසයි.
එහි සඳහන් හේතු අතර ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය අභ්‍යන්තරික ලෙස ෆෙඩරල්වාදයට නතු කර ගැනීමට අසමත් වීම ද ඇති බවයි, ඔහු සඳහන් කළේ.
කෙසේ වුව ද මේ වන විට එම සියලු අඩුපාඩු සකසා ගැනීමට ඔවුන් සමත්ව ඇති බවත් ජවිපෙ ජාතිකත්වය අතහැර දූෂණ විරෝධය තෝරා ගෙන ඇති බවත් විමල් වීරවංශ පෙන්වා දෙයි.
රනිල් වික්‍රමසිංහ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන බව කියන විට ජවිපෙ නිහඬව සිටින බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
‘9න් පසුව: ශ්‍රී ලංකාවේ ඉරණම?’ යනුවෙන් එක්සත් රාජධානියේ පැවැති සමුළුවක් අමතමින් හෙතෙම මේ බව කීය.