ජන අරගල ව්‍යාපාරයේ සභාපති චානක බණ්ඩාර ඇතුළු පිරිසක් බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට පුනක්කු තොගයක් රැගෙන ගොස් තිබේ.
ඒ පසුගියදා සාගර කාරියවසම් විසින් පොහොට්ටු සම්මේලනයේ දී “රටේ දරුවන්ගෙන් 3% කුහකයෝ” යැයි කළ ප්‍රකාශයකට එරෙහිව ය.
චානක බණ්ඩාර විමසන්නේ මෙය පොදුජන පෙරමුණේ සමස්ත මතය දැයි කියාය. එය රාජපක්ෂලාගේ ද අදහස දැයි ඔහු ප්‍රශ්න කරයි.
මේ පිරිස ඉදිරි මැතිවරණයකදි එකට පරාජය කරන බව පැවසූ චානක බණ්ඩාර, රටේ ධනය හොරා කෑ පිරිස මෙසේ කීම කෙතරම් සාධරණදැයි ප්‍රශ්න කරයි.