දිඹුලාගල දිවුලපතාන ගම්මානයට ආ දෙමළ ජාතික පෙරමුණේ නායක, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට එම ගම්මානයේ පිරිසක් වලමණ්ඩිය පාලම අවහිර කරමින් පළවා හැර තිබේ.
ඊයේ (15) පෙරවරුවේ එහි පැමිණි මන්ත්‍රීවරයා පැය එකහමාරකට ආසන්න කාලයක් වලමණ්ඩිය පාලම අසල රැඳී සිටි ගම්වාසීන්ගේ හූ හඬ මධ්‍ය ආපසු හැරී ගියේය.
මෙම විරෝධයට මඩ කලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් සහ පොල්ගහ ආරාවේ ඥානන්ද නාහිමියන් ඇතුළු ගම්මුන් විශාල පිරිසක් එක්වූහ. සිද්ධිය සැල වූ වහාම කරදියනාරු පොලිසිය මගින් ආරක්ෂාව ද ලබා දී ඇත.
ජාතිවාදය ඇවිස්සීමට සහ තමන් වගා කරන බිම් තහනම් කිරීමට මෙම දේශපාලනඥයා පැමිණි ඇති බවට ගම්වාසීහු චෝදනා කරති.