රට බංකොලොත් වුණේ නෑ..! ණය ගෙවීම නතර කළා විතරයි..! – මහ බැංකු අධිපති…

December 16, 2023 at 10:06 am | by emanisa.lk

ශ්‍රී ලංකාව බංකොලොත් බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු පවසන්නේ, ආර්ථික අර්බුදය අවස්ථාවේ සිදු කළේ තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම පමණක් බවයි.

එම අවස්ථාවේ ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට නොහැකි වූයේ නම්, අර්බුදය තවදුරටත් තීව්‍ර වන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.

ඉදිරි මැතිවරණයේ දී ජය ලබාගන්නා ඕනෑම ආණ්ඩුවක් මෙම වැඩපිළිවළ ඉදිරියට රැගෙන යාමේ අවශ්‍යතාව ද මහබැංකු අධිපතිවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *