පුනකරී සෝලා බලාගාරයට ටෙන්ඩර් කැඳවා නෑ…! – සජිත්…

December 16, 2023 at 9:55 am | by emanisa.lk

කිලිනොච්චි – පුනකරි වැව ආශ්‍රිතව සිදු කිරීමට නියමිත සූර්ය බලශක්ති නිෂ්පාදන බලාගාරයක් ඉදි කිරීමට රජය සැලසුම් කර ඇති නමුත් එම ව්‍යාපෘතිය සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදවලින් බැහැර ව සිදු වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

ඔහු පවසන්නේ, විදුලිබල සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන අවස්ථාවේ මෙගාවොට් 10ට වැඩි පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිවලට ප්‍රසම්පාදන ටෙන්ඩර් ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂය කළ යෝජනාවට මුල් අවස්ථාවේ විෂය භාර අමාත්‍යවරයා කැමැත්ත ප්‍රකාශ කර පසුව එයට විරුද්ධ වූ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *