පොහොට්ටුවේ නායකත්වය නැවතත් මහින්දට…!

December 15, 2023 at 5:33 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට නැවත වරක් පත්කිරීමට එම පක්ෂයේ ජාතික සම්මේලනයේදී තීරණය කරයි.

මහින්ද රාජපක්ෂ එම පක්ෂයේ පරමාධිපත්‍ය නායකයා ලෙස හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ විසින් යෝජනා කළ අතර හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු එම යෝජනාව ස්ථිර කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ ජාතික සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු එම පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරු ඇතුළු පක්ෂ නියෝජිතයෝ 5000ක පමණ පිරිසක් සම්මේලනයට එකතු වී සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *