පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද එකතු කළ අගය මත බද්ද (VAT) අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ඔහු මේ බව පැවසූවේ, අද (10) පාර්ලිමේන්තුවේදී එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
රාජ්‍ය අමාත්‍යවරයා එහි දී වැඩි දුරටත් කියා සිටියේ, බොරතෙල් වශයෙන් ගෙන එන ඉන්ධනවලට මෙම බද්ද අය නොකරන බවයි.
රජයට මෙය සැඟවීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138ක් අතුරින් අයිතම 97කට වැට් බදු පැනවෙන අතර
ඖෂධ, ආබාධිත උපකරණ, හාල් පිටි, තිරිඟු පිටි, එළවළු, පළතුරු, දියර කිරි සහ සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා වැට් බදු අය නොකෙරෙන බව ද රංජිත් සියඹලාපිටිය එහි දී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.