ජනවාරි සිට හුස්ම හිරවෙන්න වැට් බදු..! මැරුණත් ගැලවීමක් නෑ.. මළ කුණටත් බදු..!

December 10, 2023 at 9:57 am | by emanisa.lk

මෙතෙක් වැට් බද්දට යටත් කර නොතිබූ භාණ්ඩ හා සේවා අංශ වැට් බද්දට යටත් කෙරෙන නව වැට් බදු සංශෝධන පනත අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

අද දින මැතිසබයේ සම්මත කෙරෙන මෙම වැට් බදු සංශෝධන පනත අනුව පෙට්‍රල්, දුරකථන, පරිගණක, ආනයනික රට බීම වර්ග, පාන්පිටි, ළදරු කිරි ආහාර ඇතුළු භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ යාමට නියමිතය. අලුතෙන් වැට් බදු බලපවත්වන ක්ෂේත්‍ර අතර අවමංගල්‍ය කටයුතු ද වන බව සඳහන්ය. ආදාහනාගාර සහ භූමදාන කටයුතුවලටද ඉදිරියේදී වැට් බදු නියම කෙරේ.

මේ හැර රථවාහන, ජංගම දුරකථන, ඖෂධ නිෂ්පාදන, බෙහෙත්, රෝදපුටු, අත්වාරු, සියලු සෞඛ්‍ය සේවා මෙරට නිෂ්පාදිත සීනි, අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ, ගොවි උපකරණ, සියලු ධීවර කර්මාන්තයට අදාළ උපකරණ, මෙරට නිෂ්පාදිත පොල්කිරි, රෙදිපිළි කර්මාන්තය, විදුලි ගාස්තු, අධ්‍යාපන සේවා, බස් හා දුම්රිය ගාස්තු ඇතුළු භාණ්ඩ හා සේවා රැසක මිල ද ඉහළ නගිනු ඇත.

සියලුම මූල්‍ය සේවා, සියලු තොග හා සිල්ලර ව්‍යාපාර, නිෂ්පාදකයන් හා සේවා සපයන්නන් ටෙන්ඩර් මගින් භාණ්ඩ හා සේවා සපයන්නන් ඇතුළු වෙනත් වැට් බද්දට යටත් කර නොතිබූ සියලු අංශ වෙත 18% ක වැට් බදු අනුපාතයක් පැනවීම නව පනතේ මූලික අරමුණයි.

අද දින මෙම පනත විවාදයට ලක්කොට සංශෝධනය කිරීමෙන් පසු ලබන ජනවාරි 01දා සිට එය ක්‍රියාත්මක වන බව රජය ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *