සාපෙළ 39 000ක් බුද්ධ ධර්මය අසමත්…! 28 000ක් සිංහල භාෂාවත් අසමත්..!

December 9, 2023 at 9:19 am | by emanisa.lk

2022 සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මය විෂයට පෙනී සිටී දරුවන්ගෙන් 39,000ක් එම විෂය අසමත්ව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ කොමසාරිස් ලසික සමරකෝන් පවසන්නේ මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා බුද්ධ ධර්මය විෂයට සිසුන් 238,038ක් පෙනී සිට ඇති අතර ඉන් කුමන හෝ සාමර්ථ්‍යයක් ලබා විෂය සමත් වී ඇති සංඛ්‍යාව 188,437ක් පමණි.

මෙවර විභාගයට සිංහල භාෂාව සහ සාහිත්‍යය විෂය සඳහා අපේක්ෂකයන් 246,301ක් පෙනී සිට ඇත. ඉන් සමත්ව ඇති ප්‍රමාණය 218,554ක් වන අතර ඒ අනුව 12%ක ප්‍රතිශතයක් විෂය අසමත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *