ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග එකතු වීමට ආයෝජකයන් හත් දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා පවසයි.
එම ආයෝජකයන් කැඳවීමේ කටයුත්ත කරන්නේ මහා භාණ්ඩාගාරය බව ද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී අමතිමිනි.
ආයෝජකයකු ආව පමණින් බෙල්ල මිරිකා සල්ලි ගත නොහැකි බවත් ඔහු මෙහෙයවිය යුත්තේ මල නොතලා රොන් ගන්නා ආකාරයට බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.
ගාලු වරාය සහ ත්‍රිකුණාමල වරාය ලාභ ලබන තත්ත්වයට ගෙන ආ බව පැවසූ අමාත්‍යවරයා, වරාය ගුවන්තොටුපළ රජයේ පාලනයෙන් මිදිය යුතු බව ද ප්‍රකාශ කළේය.