සංස්කෘතික අරමුදලේ වංචා කතාව රාජපක්ෂලගේ බොරුවක්…! – සජිත්…

December 7, 2023 at 11:12 am | by emanisa.lk

සංස්කෘතික අරමුදලේ කිසිදු වංචාවක් සිදුව නැති බවත් එය මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා රාජපක්ෂවරුන් නිර්මාණය කළ දෙයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ (6) පාර්ලිමේන්තුවේ දී සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

“පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සංස්කෘතික අරමුදලේ දූෂණ වංචා අක්‍රමිකතා සෙවීමට කමිටුවක් පත් කළා. එම කමිටුවට හරිගුප්තා රෝහණධීර, ගෝඨාභය ජයරත්න සහ ගාමිණි සරත් එදිරිසිංහ යනාදීන් පත් කළා. ඔවුන් වාර්තාවක් ඉදිරිපත් කළත් එම වාර්තාව ඒ කිසිවෙක් අත්සන් කර නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මෙම වාර්තාව සකස් කිරීමේ අරමුණ වූයේ 2020 ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන සජිත් ප්‍රේමදාස වන මටත් සමඟි ජන බලවේගයටත් මඩ ගැසීමටයි.

මෙහිදී සම්පූර්ණ දේශපාලන මඩ ගැසීමක් සහ චරිත ඝාතනයක් සිදුව ඇති බවත් මේ අත්සන් නොකළ වාර්තාව පදනම් කර ගෙන මාහට එරෙහිව අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් දැමූ විට අල්ලස් කොමිසම කියා ඇත්තේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි සහ කරුණු නොමැති බවයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *