වැඩවර්ජන නිසා රටට මිනිස් දින 17095ක් අහිමි වෙයි..!

December 5, 2023 at 11:42 am | by emanisa.lk

විවිධ හේතු පදනම් කරගත් වැඩ වර්ජන හේතුවෙන් 2022 වර්ෂයේදී මිනිස් දින දාහත්දහස් අනූපහක් රටට අහිමි වී ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුවේ 2022 වර්ෂයට අදාළ කාර්ය සාධන වාර්තාවෙහි සඳහන් වේ.

එම වර්ෂයේදී වැඩවර්ජන 22ක් වාර්තා වී ඇති අතර ඒ වෙනුවෙන් සේවකයන් පන්දහස් පන්සිය පනස් අට දෙනකු සහභාගී වී ඇත.

රාජ්‍ය ආයතනවල ඵලදායිතාව අවම වීමටත් එම ආයතන පාඩු ලැබීමටත් මෙම වැඩවර්ජන හේතු වී ඇති බව විද්වතුන්ගේ මතයයි. එසේ ම බොහෝ රාජ්‍ය ආයතනවලින් ජනතාව අපේක්ෂිත සේවාව නොැබී යාමට ද වැඩවර්ජන හේතු වී තිබේ.

වැඩ වර්ජනයක නිරත වන කාලය තුළ වැටුප් ගෙවන එකම රට ලංකාව බව ද විද්වත්හු පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *